KMWorkplace

Everything you need in one place

Wednesday, December 11, 2019

SIMPLE PRESENT TENSE - සරල වර්තමාන කාලය

---SIMPLE PRESENT TENSE ---
       සරල වර්තමාන කාලය

මෙම කාලයට අයත් වාක්‍යයන්,
පුරුද්දක් වශයෙන් කරන දේවල්, අවවාද දීමක් වශයෙන්, සාමාන්‍යයෙන් සත්‍ය දක්වන දෑ වලට (100c දී ජලය නැටීම සිදු වේ.) එවැනි දේවල් වලට මෙම කාලයට අයත් වාක්‍යයන් යොදා ගැනේ.

Affirmative..

He rides the bicycle.                ඒක වචන
ඔහු බයිසිකලය පදිනවා.

They paint the house.              බහු වචන
ඔවුන් නිවසේ තින්ත ආලේප කරනවා.

* මතක ඇතුව ඒක වචන නාම පදයකදී ක්‍රියා පදය අගට 's' අකුර එකතු කරන්න.ඒ වගේම බහු වචන නාම පදයක් පවතින විට සාමාන්‍ය පරිදි ක්‍රියා පදය පමණක් වාක්‍ය සදහා යොදන්න.

උදාහරණ :-
ඒක වචන (singular) - she does (do ×)
                                       he drives (drive ×)

බහු වචන (plural) -  mother and father clean (cleans ×) the house
                                    They practice (practices ×)

Negative form - නැත යන අ‍ර්තය

He does not ride the bicycle.
ඔහු බයිසිකලය පදින්නේ නැත.
(does not කෙටි කිරීමක් වශයෙන් doesn't යෙදීමටද හැක.)

*. ඒක වචන නාම පදයක් ඇති වාක්‍යයන් නැත යන අ‍ර්තයෙන් දැක්වීමට does not/ doesn't ද, ප්‍රශ්නයක් වශයෙන් දැක්වීමට අවස්ථාව අනුව does, does not යොදයි.

*. බහු වචන නාම පද සදහා 'do / do not' භාවිතා වේ.



-------------------------------------------------------------------
මෙම වාක්‍යයන් සෑදී ඇති අයුරු හොදින් බලන්න.

1. Affirmative...

Singular - ඒක වචන නාම පද
ඔහු පරිඝණක ක්‍රීඩා සෙල්ලම් කරයි.
He plays computer games.

Plural - බහු වචන නාම පද
ඔවුන් පරිඝණක ක්‍රීඩා සෙල්ලම් කරති.
They play computer games.

* ක්‍රියා පදය අගට 's' නොයෙදේ.

-------------------------------------------------------------------

2. Negative - නැත යන අ‍ර්තය

Singular - ඒක වචන නාම පද
ඔහු පරිඝණක ක්‍රීඩා සෙල්ලම් කරන්නේ නැත.
He does not play computer games.

* මෙහි දී නාම පදය ඒක වචන වුවත්, ක්‍රියා පදය අගට 's' යොදන්නේ නැත. 's' යොදන්නේ උඩින් සදහන් කල වාක්‍යයන් සදහා පමනි - affirmative

Plural - බහු වචන නාම පද
ඔවුන් පරිඝණක ක්‍රීඩා සෙල්ලම් කරන්නේ නැත.
They do not play computer games.

-------------------------------------------------------------------

3. Interrogative - ප්‍රශ්න කිරීම දී

Singular - ඒක වචන නාම පද
ඔහු පරිඝණක ක්‍රීඩා සෙල්ලම් කරනවාද?
Does he play computer games?

* ක්‍රියා පදය අගට 's' නැත.

Plural - බහු වචන නාම පද
ඔවුන් පරිඝණක ක්‍රීඩා සෙල්ලම් කරනවාද?
Do they play computer games?

-------------------------------------------------------------------

4. Negative interrogation - නැත යන අ‍ර්තයෙන් ප්‍රශ්න කිරීමකදී

Singular - ඒක වචන නාම පද
ඔහු පරිඝණක ක්‍රීඩා සෙල්ලම් කරන්නේ නැද්ද?
Does not he play computer games?

Plural - බහු වචන නාම පද
ඔවුන් පරිඝණක ක්‍රීඩා සෙල්ලම් කරන්නේ නැද්ද?
Do not they play computer games?

Important/වැදගත් :- ඔබ, ඔබලා යන වචන සදහා පොදුවේ 'YOU' යන්න යෙදෙන නිසා,' ඔබ ' යනුවෙන් තනි පුද්ගලයක් හැදින් වුවද, එය බහු වචන නාම පදයක් ලෙස හදුන්වයි.




For any queries & mistakes/ ගැටලු සහ මගහැරීම් සදහා - krishan4588@gmail.com



No comments:

Post a Comment